Language selection image
පොදු ගැටළු

ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසල යනු ඩීපී පදනම විසින් සෘජුවම කළමනාකරනය කරනු ලබන ගාස්තු රහිත මාර්ගගත බ්ලොක් කෝඩින් වේදිකාවකි.

  • ඩී පී කෝඩින් පාසැලෙහි (DP Education Coding School) සියළු ව්‍යාපෘතියවලට අදාළ පාඩම් සිංහල භාෂාවෙන් ලබාදෙන හෙයින්, DP Education කෝඩින් පාසැල (DP Education Coding School) තුළින් ඉගෙන ගැනීමට ඉංග්‍රීසි භාෂා දැනුම අවශ්‍ය නොවේ.
  • සෑම ව්‍යාපෘතියක් තුළම පරිගණක වැඩසටහන්කරණයට (Computer Programming) අදාළ ඉංග්‍රීසි වචන 1ක් හෝ 2ක් අඩංගු වේ. මෙමගින් ව්‍යාපෘතිය 324 අවසානයේදී පරිගණක වැඩසටහන්කරණයට (Computer Programming) අදාළ ඉංග්‍රීසි වචන 1000ක් පමණ ඉගෙන ගැනීමට හැකි වේ.
  • ව්‍යාපෘති 324 අවසානයේදී, මොරටුව විශ්වවිද්‍යාලය මගින් ලබාදෙන Full-stack Web Developer සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ කිරීමට අවශ්‍ය පරිගණක වැඩසටහන්කරණයට අදාළ ඉංග්‍රීසි දනුම ලබාගත හැක.

  • ඩී පී කෝඩින් පාසැල (DP Education Coding School) ඔස්සේ ව්‍යාපෘති 324ක් ලබාදීමට සැලසුම් කොට ඇත. මෙම ව්‍යාපෘති 324 අංශ 12ක් ඔස්සේ ආවරණය වන අතර, එහි විස්තර සඳහා පහත ලින්කුව භාවිතා කරන්න.
  • https://drive.google.com/file/d/1pZRUYMoAbjRNSdfLxw_2TMIT-cm6evtJ/view

  • ව්‍යාපෘතීන් 324හි මුළු වටිනාකම මිලියන 2.4ක් වන අතර, එම සියළුම පාඩම් දරුවන් හා ගුරුවරුන් ඇතුළුව ඕනෑම අයෙකුට නොමිලේ ලබාදෙති.

  • DP Education Coding පාසලේ පළමු අදියර යටතේ ඇති ව්‍යපෘති 100 සම්පුර්ණ කිරීම සදහා ගතවන කාලය පැය 100 ක් පමණ වේ (දවස් 4 1/2). එනම් එක් ව්‍යාපෘතියක් සම්පුර්ණයෙන් අධ්‍යයනය කිරීම සදහා පැය 1ක් පමණ ගතවේ.

  • ඔබ කැමති පරිදි ඕනෙම සිසුන් ප්‍රමාණයක් මෙයට සම්බන්ද කරගත හැක. කිසිදු සීමාවක් මේ සදහා නැත.

  • පළමු ශේණියේ සිට ඕනෙම වසරක් දක්වා සිසුන් මෙයට සම්බන්ද කරගත හැක. Programming Languages ඉගෙන ගැනීමට කැමති ඕනෑම පුද්ගලයෙකු සහ Software Engineer කෙනෙකු වීමට කැමති ඕනෙම කෙනෙකුට මෙයට සම්බන්ධ වී ඉගෙන ගත හැක. මෙයට හේතුව Coding මගින් Programming සදහා මුලික අඩිතාලම යොදනු ලැබේ.

  • තම දරුවට වැඩි මාසික වැටුපක් හිමිවන රැකියාවක් කිරීමට Coding මග පාදනු ලැබේ. Coding ඉගෙනගෙන Programming Languages වලට අවශ්‍ය මුලික දැනුම ලබාගෙන අනාගතයේදී ඔබගේ දරුවට Web Developer, Full-stack Web Developer, Software Application Developer, Computer Programmer, Data Scientist වැනි රැකියාවල නියැලිය හැක. ඊට අමතරව ගෝලීය රැකියා ශ්‍රේණිගත කිරීම අනුව වැඩිම රැකියා ප්‍රවනතාවයක් ඇත්තේ Software සහ Computer Programming යන කේෂ්ත්‍ර වලයි.
  • කොඩින් (Coding) යනු පරිගණකයකයට ඔබ ලබා දෙන විධානයන්ය. මෙය Programming Languages භාවිතා කරමින් සිදු කරනු ලැබේ.
  • කොඩින් (Coding) යනු පරිගණකයකයට ඔබ ලබා දෙන විධානයන්ය. මෙය Programming Languages භාවිතා කරමින් සිදු කරනු ලැබේ. https://drive.google.com/file/d/1n9rGBgl4PxFrY2XQcp5Pqfhpclfxxnwl/view
  • කොඩින් ඉගෙනගැනීමේ වැදගත්කම දැනගැනීමට පහත වීඩියෝ අංක 02 නරබන්න.

  • කෝඩින්, ගණිතමය සහ තාර්කික ගැටලු විසදීමට උපකාරී වේ.
  • කෝඩින්, පාසල් සහ අධ්‍යයන කාර්ය සාධනයට උපකාරී වේ.
  • කෝඩින් අලුත්ම ආකාරයේ සාක්ෂරතාවයක් වන අතර අනාගත රැකියා අවස්ථා වල විශාල කොටසක් වනු ඇත.
  • code.org වෙබ් අඩවියට අනුව කෝඩින් හට ඉහල ඉල්ලුමක් පවතින අතර සියලුම නව STEM රැකියා වලින් 67%ක් පරිගණක කරණයේ ඇත.
  • කෝඩින් ආත්ම විශ්වාසය ගොඩනැංවිය හැක.
  • කෝඩින්, විවේචනාත්මක චින්තන කුසලතාවය උගන්වයි.
  • කෝඩින්, කණ්ඩායම ක්‍රියාකාරකම් සහ සහයෝගීතා කුසලතාවය වර්ධනය කරයි.
  • කෝඩින්, ක්‍රීඩා, සජීවී කරණය මෙන්ම කථනය වැඩි දියුණු කරයි.

  • https://drive.google.com/file/d/1ryZkkybZXi1PO1EAqcUYpWFnNaVYOug7/view?usp=share_link
  • ඩී පී කෝඩින් පාසැලෙහි ඇති ව්‍යාපෘති අවසන් කළ පසු මොරටුව විශ්වවිද්‍යාලයේ Front End Web Development සහ Back End Web Development (https=>//open.uom.lk/), කැළණිය විශ්වවිද්‍යාලයේ SAP ERP පාඨමාලාව (In the development stage), සහ මොරටුව විශ්වවිද්‍යාලයේ Six Specialization Courses (In the development stage) සමග එක්විය හැක. .
  • මොරටුව විශ්වවිද්‍යාලයේ Full-stack developer පාඨමාලාව සඳහා මෙම ලින්කුව භාවිතා කරන්න=> https://open.uom.lk/
  • මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා පහත ලින්කුව හරහා ලබාදී ඇති ලේඛනය භාවිතා කරන්න. https://drive.google.com/file/d/1ODcix-f0tbNUK6KAD1gWUir5r_6NlFxM/view?usp=sharing

  • ඔබට 1 - 80 දක්වා ව්‍යපෘති කිරීමට දැනට හැකියාව ඇත. DP Coding පාසලේ මුළු ව්‍යපෘති ප්‍රමාණය 320 දක්වා ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

  • සියලු ව්‍යපෘති සදහා මුල සිට පියවරෙන් පියවර ව්‍යපෘති සිදුකරගන්නා ආකාරය පිළිබද උපදෙස් ලබා දී ඇත.

  • DP Coding පාසලේ සාම ව්‍යපෘති 8 ට වරක් ඔබට ඩිජිටල් සහතික පතක් නොමිලේ පිරිනමනු ලැබේ.

  • ඉහත සදහන් කර පරිදි ව්‍යපෘති 8ට වරක් ඩිජිටල් සහතික පතක් පිරිනමනු ලැබේ. යම් කිසිවෙක් අඩක් සම්පුර්ණ කළහොත් පියවර 8ට වරක් පිරිනමන සහතික පත් ලබා ගැනීමට හැකිවේ. ඊට අමතරව එම දරුවට කොඩින් මගින් ලැබෙන විවේචනත්මක චින්තනය, තාර්කික ගැටළු විසැදීමේ හැකියාව ලැබේ.

  • code .org වෙබ් අඩවියේ ලියාපදිංචි වීම සදහා ඔබට ජීමේල් ඊමේල් ගිණුමක් හෝ ෆේස්බුක් ගිණුමක් අවශය වේ. යම්කිසි දරුවෙක් වයස අවරුදු 13 හෝ ඊට අඩු නම් ජීමේල් හරහා ගිණුම සකසා ගත හැක. මේ සදහා ඔබ create an account for my child option එක ජීමේල් ඊමේල් සාදන platform එකෙන් තෝරා ගන්න.
  • ඒසේ නැතිනම් දෙමාපියන්ට තමන් බාවිතා කරන ඊමේල් ගිණුම code.org වෙබ් අඩවියට පිවිසීම සදහා බාවිතා කල හැක.
  • යම්කිසි දරුවෙක් වයස අවරුදු 13 හෝ ඊට වැඩි නම් සාමාන්‍ය ආකාරයට ගිණුම සදාගත හැක.
  • ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා පාසලේ දැනටමත් Email ගිණුමක් ඇති දරුවන් තෝරාගන්නා ලෙස කාරුණිකව දැනුම් දෙමි.

  • කෝඩින් මගින් දරුවකුගේ ගැටලු විසඳීමේ හා පරිගණකමය සිතීමේ හැකියාවන් වැඩිකරනු ලබයි. මීට අමතරව, එයින් සන්නිවේදනය හා කණ්ඩායම් ගොඩනැගීමේ දක්ෂතාවයන් දියුණු කිරීමට හැකියාව ලැබෙයි.

  • ක්‍රීඩා නිර්මාණ සහ සජීවීකරණ ව්‍යාපෘති ඔස්සේ ඩීපී එඩියුකේශන් කෝඩින් පාසල පහසුවෙන් සහ අවසානය දක්වා කුඩා දරුවන්ට කෝඩින් කිරීමට සාර්ථකව උගන්වනු ලබයි. දරුවන් ඩීපී එඩියුකේශන් කෝඩින් පාසල ආරම්භ කරන විට අපගේ භාශා වැඩසටහන් කරන වාක්‍ය ඛණ්ඩ කුසලතා දියුණු කිරීමේ දෘශ්‍ය drag and drop කෝඩ් බ්ලොක්ස් පිළිබඳව වීඩියෝ නිබන්ධන ඔස්සේ කෝඩින් කිරීම පිළිබඳ උගන්වනු ලබයි.

  • දරුවන්ට ඩීපී එඩියුකේශන් කෝඩින් පාසලෙන් ලබාගත් බ්ලොක් කෝඩින් දැනුම තුලින් ක්‍රීඩා ගොඩනැගීමට, කතන්දර කීමට සහ ව්‍යාපෘති නිර්මාණය කිරීමට ලැබේ. මේ ආකාරයෙන් සිසුන්ගේ ඉගෙනීමේ හා නිර්මාණශීලි බව ශක්තිමත් වෙයි.

  • ඩීපී එඩියුකේශන් කෝඩින් පාසල ළමයින්ට සරල හා අවධානය යොමුකළ හැකි ආකාරයේ අන්තර් ක්‍රියාකාරී වීඩියෝ සහ මාර්ගෝපදේශ නිබන්ධන ඔස්සේ ව්‍යුහගත අධ්‍යාපන මඟක් සලසා දෙයි.

  • ඩීපී එඩියුකේශන් කෝඩින් පාසල දෘශ්‍ය කෝඩ් බ්ලොක්ස් භාවිතා කිරීමෙන් ලූප් ආදී වැඩසටහන් කරන සංකල්ප, කොන්දේසිගත තර්ක, අනුපිළිවෙල හා ඇල්ගොරිතම චින්තනය ආදිය තුලින් කුඩා දරුවන්ට මඟපෙන්වනු ලබයි. පෙර පාඩම් වලදී, දරුවන් හට ක්‍රියාකාර නිපදවීමට තරම් අවශ්‍ය වූ නිසියාකාර බ්ලොක්ස් සමූහයක් ඉදිරිපත් කරනු ලබනවා. කැමති ප්‍රතිඵල ලබාගැනීමට දරුවන් මෙම බ්ලොක්ස් නිසියාකාරව යොදාගත යුතු වනවා. දරුවන් වඩාත් සංකීර්ණ තත්ත්වයන් හසුරුවා ගැනීමට අවශ්‍ය වන දක්ශතා අත්පත් කරගැනීමේදී, ඔවුන් වැඩියෙන් බ්ලොක්ස් ලබාදීමක් සිදුකරන අතර අවසානයේ, ඔවුන්ට තමන්ගේ ව්‍යාපෘති තනිව නිර්මාණය කරගැනීමට හැකිවන d.i.y (D.I.Y) මාදිලිය වෙත මෙහෙයවනු ලබනවා.

  • මූලික අන්තර්ජාල සම්බන්ධතාවක් සහිත ජංගම දුරකතනයක්, ටැබ්ලටයක් හෝ පරිගණකයක් ඇති ඕනෑම දරුවකුට ඩීපී එඩියුකේශන් කෝඩින් පාසල සමඟ සම්බන්ධ විය හැක.

  • ඔව්, ව්‍යාපෘතීන්, සම්පූර්ණ කරන ලද අදියරයන් මත පදනම්ව, ඩීපී එඩියුකේශන් කෝඩින් පාසල විසින් සහතික කරන ලද ඩිජිටල් සහතික පත්‍රයක් ඔබ වෙත ප්‍රදානය කරනු ලබනවා.