Language selection image
නායකත්වය ගැන
Mr Dhammika Perera

ධම්මික පෙරේරා මහතා

නිර්මාතෘ සහ සභාපති

අධ්‍යාපනය, සෞඛය සේවා සහ පරිත්‍යාගශීලි ව්‍යපෘති පිළිබදව සමස්ත දිශානතිය ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති සහ සම නිර්මාතෘවරයා වන ධම්මික පෙරේරා මහතා විසින් සකසනු ලැබේ. එම මහතාගේ මැතිනිය වන ප්‍රිසිලා පෙරේරා මහත්මිය සමඟ එක්ව, ගුණාත්මක අධ්‍යාපනයට සම අවස්තා ලබා දීම තුළින්, මානව ප්‍රාග්ධනය දියුණු කිරීම ඔස්සේ, ඇමරිකානු ඩොලර් 12,000 ක ඒක පුද්ගල අදායමක් උපයන මට්ටමට ශ්‍රී ලංකාව ළගා කරවීම උදෙසා ධම්මික පෙරේරා මහතා කටයුතු කරයි. “2030 ශ්‍රී ලංකාව සංවර්ධිත රටක්, ආර්ථික සංවර්ධන ක්‍රමෝපාය සහ ක්‍රියාකාරී සැලැස්ම” යන ග්‍රන්ථයද ධම්මික පෙරේරා මහතා විසින් රචනා කරන ලද්දකි.