Language selection image
Introduction to Machine Learning
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Introduction to Machine Learning" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පහත link එක භාවිතා කරමින් දෙවන පාඩමට අදාළ ක්‍රියාකාරකම් සිදු කරන්න.

https://studio.code.org/s/aiml-2023/lessons/2/levels/1

AI යනු කුමක්ද? එසේ නොමැතිනම් Artificial intelligence යනු කුමක්ද? මෙම තාක්ෂණික විප්ලවීය ප්‍රශ්නයට පිළිතුර ඔබ දැන සිටියාද? තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයේ ජිවත් වන අප සියළු දෙනාම AI පිළිබඳ දැන සිටිම වැදගත් වේ.ඒ නිසා අද අපි AI ගැන කතා කරමු.

ඔබ Alexa or Siri ගැන අසා තිබෙනවාද? ඒසෙත් නොමැතිනම් ස්වයංක්‍රියව ධාවනය කරන මොටර් රථයක් දැක තිබෙනවාද? නැතහොත් ඔබේ දුරකථනයේ අගුල විවෘත කර ගන්නා විට ඔබේ දුරකතනය ඔබේ මුහුණ හෝ ඔබගේ ඇඟිලි සළකුණු නිවරදිව හදුනා ගන්නේ කෙසේදැයි ඔබ කවද හෝ කල්පනා කර තිබෙනවාද?...... මේ සියල්ලටම පොදු තාක්ෂණයක් තිබෙනවා.එය කෘතිම බුද්ධිය හෝ AI ලෙස හඳුනවා දෙයි. බුද්ධිය ලෙස අප හඳුන්වනු ලබන්නේ දැනුම සහ කුසලතා ලබා ගැනීමට සහ භාවිතා කිරිමට ඇති හැකියාවයි.

අපි ළදරු අවධියේදී සිංහළ අක්ෂර මාලාව, ඉංග්‍රීසි අක්ෂර මාලාව,දෙමළ අක්ෂර මාලාව සහ සංඛ්‍යා ඉගන ගන්නා විට අක්ෂර සහ සංඛ්‍යා පිළිබඳ තොරතුරු ලබා ගන්නා අතර එය වචන නිර්මාණය කිරිමට සහ බෙහෝ ගැටළු විසඳීමට භාවිතා කරයි. ඒ ආකාරයටම රෝබෝවක් සහ පරිගණකයක් තුළ solve program එකට ප්‍රතිසාධක වැඩසටහන භාවිතා කරන විට කෘතිම බුද්ධිය භාවිතා වේ.කෙසේ වෙතත් මෙම බුද්ධිය මානව බුද්ධියට වඩා වෙනස්ය.එය කෘත්‍රීම බුද්ධිය හෝ AI ලෙස හදුන්වයි.

AI පද්ධතිය නිර්මාණය කර ඇත්තේ ඔවුන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට, නව තත්වයන්ට අනුවර්තනය වීමට සහ පවතින තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමට හැකිවන පරිදිය. AI තුළින් ඉතා නිවරදි තිරණ ගැනීමට බොහෝ දත්ත විශ්ලේෂණය කල යුතු වේ.

AI භාවිතය සැබවින්ම මිනිසාට ප්‍රයෝජනවත් වේ. මක්නිසාද යත්,

  • මිනිසුන්ට කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටු කිරිමට උපකාර කිරිමේ සිට මිනිසුන්ට කිරිමට අපහසු හෝ කල නොහැකි කාර්යයන් කිරිමට යන්ත්‍ර වලට ඉඩ දීම දක්වා බොහෝ ආකාරවලින් AI භාවිතා කල හැක.
  • කර්මාන්ත ශාලාවල සහ රෝහල්වල සුක්ෂම කාර්යයන් කිරිමට රොබෝවරුන්ට උපකාර කිරිමට AI භාවිත කල හැක.
  • ස්වයංක්‍රියව ධාවනය කරන මොටර් රථ මාර්ගවල සැරිසැරිමට සහ අනතුරු වලින් වළක්වා ගැනිමට AI භාවිතා කල හැක.
  • ඉතා ඉක්මනින් හා නිවරදිව දත්ත රාශියක් සැකසීමට සහ විශ්ලේෂණය කිරීමට හැකි වීම AI හි වැදගත් ලක්ෂණයකි.
  • AI සෞඛ්‍ය, ආරක්ෂණ මුල්‍ය සහ සිල්ලර වෙළඳාම වැනි කාර්මාන්ත වල ප්‍රයෝජනවත් මෙවලමක් බවට පත්ව ඇත.

එක්තරා ආකාරයකින් AI අපගේ ජිවිත පරිවර්තනය කරන ප්‍රබල මෙවලමකි.AI භාවිතයෙන් මිනිසාට ඇති වන ගැටළු පිළිබඳව සාකච්චා කරමු.

  • AI අපගේ සෞඛ්‍යයට සෘජුවම බලපාන අතර ශාරීරික සහ මානසික ක්‍රියාකාරකම් අඩු වීමට හේතු විය හැක.
  • AI භාවිතය මඟින් පවතින කර්මාන්ත කඩාකප්පල් වීම සහ මහා විරැකියාවට තුඩුු දෙන මානව කම්කරුවන් ආදේශ කිරීමට ඇති හැකියාව මිනිස් ජිවිත සඳහා බලපාන ප්‍රධාන ගැටළුවකි.

AI භාවිතයේ ප්‍රතිලාභ උපරිම කර ගනිමින් සහ ප්‍රබල සෘණාත්මක බලපෑම් අවම කර ගනිමින් AI සංවර්ධනය කිරිම තුළින් මිනිස් සමාජයට යහපතක් සිදු කර ගත හැකි වේ. ඔබ දන්නවාද AI සංවර්ධනයේ මුල්ම සංධිස්ථානය වන්නේ 1950යේ සංවර්ධනය වු චෙස් ක්‍රීඩාව සඳහා නිර්මාණය කරන ලද පළමු පරිගණක වැඩසටහන බව.

AI පිළිබඳව තවදුරටත් පැහැදිලි විමට පහත video වල ආකාරයට මෙම පාඨමාලාවේ පළමු පාඩමේ පළමු ක්‍රියාකාරකම කරමු.

පියවර 2
මෙම video එක නරඹා මෙම පාඩමේ පළමුවන ක්‍රියාකාරකම කරමු.
පියවර 3
මෙම video එක නරඹා මෙම පාඩමේ දෙවන ක්‍රියාකාරකම කරමු.
පියවර 4
මෙම video එක නරඹා මෙම පාඩමේ තුන්වන ක්‍රියාකාරකම කරමු.
ගෙදර වැඩ
ගෙදර වැඩ 158
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම