Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Model cards" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පහත link එක භාවිතා කරමින් Model cards පාඩමට ප්‍රවේශ වන්න.

https://studio.code.org/s/aiml-2023/lessons/9/levels/1

Model cards යනු යන්ත්‍ර ඉගැනුම් ආකෘතියක් පිළිබඳ ප්‍රමිතිගත තොරතුරු සැපයීම සඳහා AI හි භාවිතා කරන ලේඛණ ආකාරයකි. මෙය කෙටි ලේඛණයකි.පුහුණු ආකෘති පිළිබඳ තොරතුරු පුළුල් ප්‍රේක්ෂකයින් වෙත සන්නිවේදනය කිරිමෙන් Model cards වල විනිවිදභාවය වැඩි වෙයි.

Google cloud model card සහ Salesforce's model cards යන ඒවා model cards සඳහා නිදසුන් වේ.

පියවර 2
පහත video එක නරඹා පළමු වන ක්‍රියාකාරකම කරමු.
පියවර 3
මෙම ක්‍රියාකාරකම ඔබ ලබා ගත් දැනුම භාවිතයෙන් සිදු කරන්න.මුලින්ම මෙම app එක run කර ක්‍රියාත්මක කර බලන්න.මෙම පාඩම් මාලාවේද ඔබට AI model එකක accuracy එක පිළිබඳ උගන්වයි.
පියවර 4
තුන්වන ක්‍රියාකාරකම පිළිබඳව සකච්ඡා කරමු.

මෙහිදි ඔබ පළමු ක්‍රියාකාරකමේදී ක්‍රියාත්මක කර බැලු app එක නිර්මාණය කිරිමේදී භාවිතා කල AI model එක පිළිබඳ විස්තර මෙහි දැක්වෙයි.මෙහි තුන්වන ක්‍රියාකාරකමේදී දැක්වෙන්නේ එක් අවස්ථාවකදී දත්ත ලබා දී train කරන AI model එකක් පිළිබඳ විස්තරයකි.

Train කරන ලද AI model එක ER Recommender V1 ලෙස නම් කර ඇත. ER Recommender V1 AI model එකෙහි accuracy එක 33% කි.

ඔබ තුන්වෙනි ක්‍රියාකාරකම අධ්‍යනය කිරිමෙන් අනතුරුව හතර වන ක්‍රියාකාරකම අධ්‍යනය කරන්න.

හතරවන ක්‍රියාකාරකමේ දැක්වෙන්නේ ද පළමු ක්‍රියාකාරමේදී ක්‍රියාත්මක කර බැලු app එක නිර්මාණය කිරිම සඳහා train කරන ලද පිළිබඳ තොරතුරුයි.

මෙම AI model එක Northern lights ER priority ලෙස නම් කර ඇත.මෙම AI model එකෙහි accuracy එක 88% කි. මෙහිදී ද cause, temperature sports යන features සඳහා අගයන් ලබා දුන් විට එම අගයන් වලට අදාළව decision label එකෙයි ඔබට ලැබිය යුතු අගය පුරෝකථනය වේ.

හතරවන ක්‍රියාකාරකම අධ්‍යනය කිරිමෙන් අනතුරුව පස්වන ක්‍රියාකාරකම අධ්‍යනය කරන්න. එහිද AI model එකක විස්තර දැක්වෙයි.තුන්වන සහ හතරවන ක්‍රයාකාරකම් වල ආකාරයට මෙය අධ්‍යනය කරන්න.

ගෙදර වැඩ
ගෙදර වැඩ 165
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම