Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Numerical Models" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Numerical Models

සංඛ්‍යාත්මක දත්ත යනු කිසියම් භාෂාවකින් හෝ විස්තරාත්මක ආකාරයකින් නොව සංඛ්‍යා ආකාරයෙන් පවතින දත්ත වේ.ප්‍රමාණාත්මක දත්ත ලෙස හැඳින්වෙන්නේද සංඛ්‍යාත්මක දත්තයන්ය.මෙම සංඛ්‍යාත්මක දත්ත සංඛ්‍යානමය සහ අංක ගණිතමය වශයෙන් ගණනය කල හැකි බැවින් ඕනෑම ආකාරයක සංඛ්‍යා දත්ත එකිනෙකට වෙනස් වේ.

සංඛ්‍යාත්මක ආකෘති යනු කාලානුරූපිය ආදර්ශ ලබා ගැනීම සඳහා යම් ආකාරයක සංඛ්‍යාත්මක කාල පියවර පටිපාටියක් භාවිතා කරන ගණිතමය ආකෘතියකි.ගණිතමය විසඳුම් ජනනය කරන වගුවක් හෝ ප්‍රස්ථාර මඟින් නිරූපණය කරයි.

සංඛ්‍යාත්මක දත්ත සඳහා නිදසුන් ලෙස

  • උස
  • වයස
  • බර
  • නැරඹු චිත්‍රපටි ප්‍රමාණය ආදිය දැක්විය හැක.

සංඛ්‍යාත්මක දත්ත විවික්ත දත්තයක් හෝ අඛණ්ඩ දත්තයක් විය හැක.

මුල් කාලයේදී සංඛ්‍යාත්මක ආකෘතිකරණය භාවිතා වුයේ සමීකරණ සමුහය සංඛ්‍යාත්මකව විසඳිම සඳහා යොදා ගන්නා ශිල්පීය ක්‍රමයක් ලෙසය වර්ථමානය වන විට විසඳිය යුතු සමීකරණය දැන ගැනීමටද සංඛ්‍යාත්මක ආකෘතිකරණය භාවිත කල හැක.

පහත ක්‍රියාකාරකම අධ්‍යනය කරන්න.

zombie වසංගතයෙන් බේරීමට සහ උපකාර සොයා ගැනීමට නවීන ලෝකය සමත් වී ඇත. නගරවල සිටින zombie වසංගතයට ගොදුරු වු රෝගීන් සමීක්ෂණය කර කොපමණ ප්‍රමාණයක්දැයි දැන ගැනීමට AI model එකක් train කර ඇත. එම AI model එක මඟින් ලබා ගත් දත්ත පහත දැක්වේ.

නගර කිහිපයක කල සමික්ෂණයට අනුව ඔවුන්ට ලැබුණු දත්ත පහත දැක්වේ.

සත්‍ය ප්‍රමාණය සහ පුරෝකථනය වන ප්‍රමාණය සමානද? ඒ අතර වෙනස 5 ක් ඇතුළත පවතීද? ඒ අතර වෙනස 20 ක් ඇතුළත පවතීද ? බව සටහන් කරන්න.

නගරය සත්‍ය ප්‍රමාණය පුරෝකථනය සමාන ප්‍රමාණය 5 ක වෙනසක් 20 ක වෙනසක්
A 32 35      
B 56 72      
C 22 19      
D 33 33      
E 85 81    
F 34 73      
G 53 56      
H 2 0      
I 82 55      
J 76 80      
  1. Train කරන ලද AI model එක මඟින් පුරෝකථනය කරන ලද අගය සෑබෑ අගයට ගැලපුණේද? (පිළිතුර කොටුව තුළ එක් කරන්න.)

    =▢/10


    =▢%

  2. Train කරන ලද AI model එක මඟින් පුරෝකථනය කරන ලද අගය සෑබෑ අගයෙන් 5ක වෙනසක් අතර පැවතුනාද?

    =▢/10


    =▢%

  3. Train කරන ලද AI model එක මඟින් පුරෝකථනය කරන ලද අගය සෑබෑ අගයෙන් 20 ක වෙනසක් අතර පැවතුනාද?

    =▢/10


    =▢%

පියවර 2
පහත දැක්වෙන්නේ AI lab එක තුළ සංඛ්‍යාත්මක දත්ත ඇතුළත් data set එකකි.

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම