Language selection image
කොළම්බස්ගේ ඇපල් වත්ත පාඩම හඳුන්වා දීම
මෙම පාඩම අවසානයේ දී ඔබට ඇපල් ගසකින් වැටෙන ඇපල් ගෙඩි කූඩයකට එකතු කිරීම සඳහා වැඩසටහනක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 24" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී Sprite එකක පිහිටීම යම් සීමාවක් තුළ තබා ගන්නා ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
ඇපල් ගසකින් වැටෙන ඇපල් ගෙඩි කූඩයකට එකතු කිරීම සඳහා වැඩසටහනක් ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "කොළම්බස්ගේ ඇපල් වත්ත පාඩම හඳුන්වා දීම" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
බිමට වැටෙන ඇපල් ගෙඩිය නිර්මාණය කරන ආකාරය
පියවර 2
මිනිසා නැගෙනහිරට ගමන් කරවන ආකාරය නිර්මාණය කිරීම
පියවර 3
මිනිසා බටහිරට ගමන් කරවන ආකාරය නිර්මාණය කිරීම.
පියවර 4
ඇපල් ගෙඩිය මිනිසාගේ touch වුන විට සිදුවන දෙය නිර්මාණය කිරීම.
පියවර 5
ඇපල් ගෙඩිය පොළවේ touch වුන විට සිදුවන දෙය නිර්මාණය කිරීම
ගෙදර වැඩ
ගෙදර වැඩ 24
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy