Language selection image
සමනලුන්ට පියාඹන්න ඉඩ දෙන්න
මෙම පාඩම අවසානයේ දී ඔබට වනාන්තරයක් පිරිසිදු කර සමනලුන්ට එහි පියාඹන්න ඉඩ සළසා දීමට හැකියාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 8" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී වස්තුවක් නැවත නැවත යම් ක්‍රියාවක් කරන විට Repeat block භාවිතා කරන ආකාරය පිළිඳව අවබෝධයක් ලබා ගත හැක.
එක දවසක් කොලම්බස් පරීක්ෂණයකට වනාන්තරය ගියා සමනලුන් බලන්න. හැබැයි වනාන්තරය පුරා මිනිස්සු දාලා ගියපු කසල නිසා මල් පැළ විනාශ වෙලා සමනලුන් වනාන්තරය අතහැර ගිහින්. මේ නිසා Coding දැනුම යොදා ගෙන වනාන්තරය පිරිසිදු කර සමනලුන්ට නැවත වනාන්තරය පුරා පියාඹන්න වැඩසටහනක් නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "සමනලුන්ට පියාඹන්න ඉඩ දෙන්න" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 2
වනාන්තරය පුරා ඇති කසල ඉවත් කරන ආකාරය.
පියවර 3
වනාන්තරය පුරා පියාඹන සමනලුන් නිර්මාණය කරන ආකාරය.
ගෙදර වැඩ
ගෙදර වැඩ 8
ආරම්භ කරන්න
අමතර ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම් 1
නිල් පාට පසුබිමක වැහි වළාකුළක් නිර්මාණය කරන්න. එම වළාකුළ මත click කළ විට එව නොපෙනී යාමටත් කුරුල්ලන් 7 ක් අහසේ පියාඹීමටත් වැඩසටහනක් නිර්මාණය කරන්න.
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම්1
ක්‍රියාකාරකම් 2
මුහුදු පතුලේ ඇති කසල මත click කළ විට කසල ඉවත් වී පැහැදිලි මුහුදු පතුලක මාලු 8ක් පිහිනීමට වැඩසටහන නිර්මාණය කරන්න.
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම්2

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy